ආබ්රහම්ගේ උරුමය අපේක්ෂාවෙන් තිදෙනෙක් සිටියා; එලියෙසර්, ඉෂ්මයෙල් හා ඊසාක්ය. ඒ මෙම යුගයේදී තුන් ආකාරයක ඇදහිලි තිබෙන බව පෙන්වා දීම සඳහාය. අද දෙවියන්වහන්සේගේ උරුමක්කරුවන් ලෙස ඇඳිනගැනීම පිණිස මිනිසුන් ආබ්රහම් ලෙස නිරූපණය වන පිය දෙවියන්වහන්සේගේ පමණක් නොව නිර්දාසිය වූ සාරා ලෙස නිරූපණය වන මව් දෙවියන්වහන්සේගේද දරුවන් විය යුතුය.
ආබ්රහම්ගේ පවුලේ දැකගත හැකි ආකාරයට ගැළවීම වෙත ඇති යතුර වන්නේ මව් දෙවියන්වහන්සේය. ස්වර්ගයේ උරුමක්කාරකම හා ඊසාක් මෙන් සදාකාල ජීවනයේ පොරොන්දුව ලැබුණු දෙවියන්වහන්සේගේ සැබෑ දරුවන් යනු ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී දෙවන වරට පැමිණි ක්රිස්තුස් අන්සංහොංවහන්සේ පමණක් නොව මව් දෙවියන්වහන්සේවද පිළිගත් දෙවියන්වහන්සේගේ සභාවයි.
‘දෙවියන්වහන්සේද: සැබවින් නුඹේ භාර්යාව වූ සාරා නුඹට පුත්රයෙකු වදන්නීය. නුඹ ඔහුට ඊසාක් යන නාමය තබාපන්න. ඔහුගෙන් පසු ඔහුගේ වංශයට සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම ඔහු සමඟ පිහිටුවන්නෙමි.’
උත්පත්ති 17:19
‘නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය ...
ඉඳින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය.’
ගලාති 4:26-28.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය