සියලු යුගයන්වල එනම් පියාණන්ගේ, පුත්රයාණන්ගේ සහ ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ජීවන වතුර ලබා දෙන තැනැත්තා දෙවියන්වහන්සේ පමණි.
කෙසේවෙතත්, ඇතැමුන් පවසන්නේ ශුද්ධවන්තයන්ට ජීවන වතුර ලබා දිය හැකි බවයි. දෙවියන්වහන්සේගේ ජීවන වතුර බෙදා හැරීම පමණක් කරන ශුද්ධවන්තයන්, ඔවුන් ජීවන වතුර ලබාදෙන බව පැවසීම විකාරයකි.
එය හරියට ලියුම් බෙදාහරින තැපැල්කරුවෙක් "යවන්නා මම" යැයි පවසනවාක් මෙනි. එය ඇත්තෙන්ම වෙන කෙනෙක් යමක් දෙන විට, අපි යමක් දෙනවා මෙන් හැසිරීම තේරුමක් නැත. දෙවියන්වහන්සේගෙන් පැමිණෙන දෙයක් ලබාදෙන්නේ අපි යැයි පවසන්නේ නම්, එය අප මතට ශාපය ගෙන එනු ඇත.
දෙවියන්වහන්සේගේ සෙනඟ ලෙස, මේ යුගයේ දෙවියන්වහන්සේ අපට ජීවන වතුර ලබා දීමට පැමිණෙන්නේ කුමන ආකාරයේ ස්වරූපයෙන්ද, බයිබලය දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් සහ මනමාලී ලෙස විස්තර කරන්නේ ඇයි සහ ඔවුන් ජීවන වතුර ලබා දෙන්නේ කෙසේද යන්න අප දැනගත යුතුය.
දෙවියන්වහන්සේගේ සභාව ශුද්ධාත්මයාණන් වන අන්සංහොංවහන්සේ හා මනමාලී වන මව් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරයි. පිය දෙවියන්වහන්සේ සහ මව් දෙවියන්වහන්සේ ලබාදෙන ජීවන වතුර තුළින් ඔබ සදාකාල ජීවනය ලබනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය