ආදම් සහ ඒව යහපත හා නපුර දැනගැනීමෙන් ගසෙන් කා මරණයට පත්වූ විට; අන්ධ මනුෂ්‍යයන් දෙදෙනා සුව වූ විට; අවුරුදු 12ක් පුරා මහා ලේ රෝගයෙන් පීඩා විඳි ස්ත්‍රීය සුව වූ විට; තවද පාස්කුවේ රොටි හා මාංසයට පංගුකාර වීමෙන් යේසුස්වහන්සේගේ මාංසය හා ලේ ලැබීමෙන් සදාකාල ජීවනයේ ත්‍යාගය ලබාගත් විට අපට දෙවියන්වහන්සේගේ වචනයේ බලය දැකගත හැකිය.
පුත්‍රයාණන්ගේ යුගයේ කූඩාරම් මංගල්‍යයේ අන්තිම හා මහත් දවසේදී තමන් වෙතට පැමිණි අයට යේසුස්වහන්සේ තනිව ජීවන වතුර ලබාදුන්නේය. ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ වෙත පැමිණෙන්නාවූ අය ශුද්ධාත්මය වූ ජීවන වතුර ලබන්නෝය. දෙවියන්වහන්සේගේ වචනයේ බලයෙන් සියලුදේ ඉටුකළ හැකි අය වන්නේ ඔවුන්ය.
මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය.
යොහන් 7:37–39
ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය