ඇදහිල්ලේ ජීවිතයේ පෞද්ගලික තත්වයන් හා වටපිටාවන්
නොනවත්වා වෙනස් වේ. එබැවින් දෙවියන්වහන්සේව
විශ්වාස කරන්නාවූ අය ඕනෑම තත්වයකදී නොසෙල්වී
ස්ථාවර ඇදහිල්ලේ මාර්ගයේ පියමං කිරීමට නිතරම වෙර දරයි.
(නොදැනීම මුහුදු වෙරළෙන් බොහෝ දුරකට ගසාගෙන ගියාවූ
පිහිනුම් රෝදයේ සිටි මිනිසාගේ කථාව)
යමෙක් සාරවූ වචනවලට එනම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම් ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්යවුණ සිත් ඇත්තාවූ සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ ... 1 තිමෝති 6:3-5
දෙවියන්වහන්සේගේ වචනයට ඉදිරියෙන් අප
අපගේ අත්දැකීම් තබන විට අප දෙවියන්වහන්සේට
අකීකරු වන්නේය. අකීකරුකමේ ප්රතිඵළය දෙවියන්වහන්සේගේ
කෝපය හා දඬුවම කියාද බයිබලයේ සටහන් කර ඇත.
එබැවින් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ට වඩාත්
වැදගත් වන්නේ තමන් දෙවියන්වහන්සේව කොයිතරම් කලක්
විශ්වාස කරමින් සිටිනවාද යන්න නොව දැන් ඔවුන් කෙතරම්
දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වනවාද යන්නයි.
කීකරුකමේ සම්මතය බයිබලය පමණි එබැවින්
අප නිතරම පියාණන් හා මෑණියන්ගේ වචනයට
අවධානය යොමුකළ යුතුය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය