දෙවියන්වහන්සේගේ බලයෙන් ඉශ්රායෙල්වරු මිසරයේ අවුරුදු 430ක වහල් භාවයෙන් මිදී කානාන් දෙසට ගමන් කළා. කෙසේවෙතත් ඉශ්රායෙල්වරුන්ට තමන්ව නිදහස් කළාවූ දෙවියන්වහන්සේගේ කරුණාව අමතක විය. ‘ඔබ අපව මිසරයෙන් මේ කාන්තාරයට ගෙන ආවේ ඇයි?’ ගිනි සර්පයන්ගෙන් දෂ්ට කිරීම් ලැබූ සෙනග මැසිවිලි නගා මිය ගියා. (ගණ 21:6)
නුඹ ගිනි සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තබන්න. දෂ්ටකරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේයයි මෝසෙස්ට කීසේක. ගණ 21:8
එසේනම්, ඔවුන්ව ගළවාගත්තේ පිත්තල සර්පයාද?
දෙවියන්වහන්සේ විසින් ‘දෂ්ටකරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේය’ කියා පැවසූ තම වචනයෙන් ඔවුන්ව ගළවාගත්තේය. කෙසේවෙතත්, ඉශ්රායෙල්වරු පිත්තල සර්පයාට අද්භූත බලයක් ඇතැයි සිතමින් අවුරුදු දහස් ගණනක් පුරාවට ඊට ගෞරව කළේය.
පිත්තල සර්පයා කැබෙලි වලට කඩා දැමූ වීට දෙවියන්වහන්සේ හෙසකියා රජුට ප්‍රශංසා කර ඔහු කරන ඕනෑම දෙයක් සාර්ථක කරවිය. (2 රාජා 18:3-7) පිත්තල සර්පයාව කැබෙලි වලට කඩා දැමූ හෙසකියාට දෙවියන්වහන්සේ ප්‍රශංසා කළේ ඇයි? ඒ පිළිමයක් නමස්කාර කරන කවුරු නමුත් විනාශ වන නිසාය. පිත්තල සර්පයාව නමස්කාර කිරීමේ ඉතිහාසය සභාවන් කුරුසය සිටුවා විනාශ වන බවට වූ අනාවැකියකි.
‘මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද ... ඔසවනු ලබන්ට ඕනෑය.’ යොහ 3:14-15
අපව ගළවාගත්තේ කුරුසය නොව, යේසුස්වහන්සේය. (1 පේතෘ 1:18-19) කෙසේවෙතත්, අද, ඉශ්රායෙල්වරු පිත්තල සර්පයාට ගෞරව කළ ආකාරයටම සභාවන් කුරුසයට ගෞරව කරනවා. පිත්තල සර්පයා පිත්තල කැබැල්ලක් මිස අන් කිසිවක් නොවන්නාක් මෙන් කුරුසය කිසිවක් නොව ලී කැබැල්ලකි. කුරුසය සිටුවා තිබෙන සභාවන් විනාශ වන්නේය. (ද්වී 27:15)
‘මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්න.’ එළිද 18:4
දෙවන වර පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේගේ ඉගැන්වීම් පිළිපදිමින් පිත්තල සර්පයාගේ සිදුවීම කුරුස ගෞරව කිරීමේ අනාවැකියක් බව දෙවියන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට දැනුම් දෙන්නේය. කරුණාකර ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරුවාණන් වූ මව් දෙවියන්වහන්සේ වාසය කරන්නාවූ දෙවියන්වහන්සේගේ සභාවට පැමිණෙන්න, ඔබ අන්තිම විපත්තියෙන් පලා ගොස් ගැළවීම ලබනු ඇත.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය