උත්පත්ති තුළ ඇති ඉතාමත්ම රහසිගත දේ වන්නේ දෙවියන්වහන්සේ “අප” ලෙස හැඳින්වීම කියා මෙම පොත පවසමින් සිටියි.
පිය දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයා මවන විටදී
‘මනුෂ්‍යයා මවමි ...’ කියා නොපවසා ‘මනුෂ්‍යයා මවමු ...’ කියා පැවසුවා. උත්පත්ති 1:26
දෙවියන්වහන්සේ යනු එකම වූ “පියාණන්වහන්සේය”! එසේනම් දෙවියන්වහන්සේ බයිබලයේ ‘අප’ කියා විස්තර කළේ ඇයි?
“පටන්ගැන්මේදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.’ උත්පත්ති 1:1
මුල් බයිබලයේ තෝරා නම් කොටසේ “එලොහිම්” එනම් “දෙවිවරු” යනුවෙන් සටහන් වී ඇත.
එලොහිම් යනු ඒක වචනයෙන් දෙවියන්වහන්සේ ලෙස නිරූපණය වන ‘එල්’ හෝ ‘එලොහා’ යන වචන වල බහු අර්ථය වූ ‘දෙවිවරු’ යන අර්ථයයි. බයිබලය තුළ දෙවියන්වහන්සේව වාර 2,500කට අධික වාරයක් දෙවියන්වහන්සේලා [එලොහිම්] ලෙස සටහන්වී ඇත. ‘පිය දෙවියන්වහන්සේ’ පමණක් නොව තවත් දෙවි කෙනෙකු සිටිය යුතු බව මින් පෙන්වා දෙයි. දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් පුරුෂයා හා ස්ත්‍රීයද මැවුණි.
“දෙවියන්වහන්සේ [එලොහිම්] තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක;
පුරුෂයාද ස්ත්‍රීයද කොට ඔවුන් මැවූසේක.” උත්පත්ති 1:27
පුරුෂයා ‘පිය දෙවියන්වහන්සේ’ ගේ ස්වරූපයෙන් මැවුණා. ස්ත්‍රීය ‘මව් දෙවියන්වහන්සේ’ ගේ ස්වරූපයෙන් මැවුණා.
‘එලොහිම්’ මැවුම්කරුවාණන් යනු පිය දෙවියන්වහන්සේ හා “මව් දෙවියන්වහන්සේ” ය.
දෙවියන්වහන්සේ අන්තිම දවස් වලදී ප්‍රකාශ වන බවටත් අනාවැකි වී තිබෙනවා. (1 තිමෝති 6:15)
පුත්‍රයාණන්ගේ යුගයේදී දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ ලෙස ප්‍රකාශ වුණා.
මෙම යුගයේදී එලොහිම්,
පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් මානව වර්ගයාව ගළවාගැනීම සඳහා මාංසවත්ව පැමිණෙනවා.
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සංගමය විසින් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ආත්මයාණන්වහන්සේ හා මණමාලිය ලෙස විශ්වාස කරයි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය