අප දෙවියන්වහන්සේගේ ගැළවීමේ සැලැස්ම සම්පූර්ණයෙන් තේරුම් නොගෙන අපගේ කැමැත්තෙන් එය කිරීමට උත්සහ කරන්නේ නම් කාන්තාරයේදී විනාශ වී ගිය ඉශ්රායෙල්වරු මෙන් අපටද ස්වර්ගීය කානාන් වෙත ඇතුල් වීමට නොහැකි වන්නේය.
බයිබලය නෝවා, ආබ්රහම්, මෝසෙස් හා යෝෂුවාට ඇදහිල්ලේ පියවරුන් ලෙස අමතන්නේ ඔවුන් දෙවියන්වහන්සේගේ ගැළවීමේ සැලැස්ම විශ්වාස කර ඒ මාර්ගයට අනුව පමණක් ක්රියා කළ නිසාය.
දෙවියන්වහන්සේගේ සභාවේ අලුත් ගිවිසුමේ ශුභාරංචිය මාර්ක්ගේ උඩුමහල මෙන් කුඩා සභාවක් ලෙස ඇරඹිණි. නමුත් පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ පිහිටෙවූ මානව වර්ගයාගේ ගැළවීමේ සැලැස්මට අනුව ශුභාරංචිය ඇලස්කාවේ හා හිමාලයේ සර්ටුන්ග් ඇතුලුව ලොව මුළුල්ලේ දේශනා විය.
මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ; මාගේ මන්ත්රණය පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය ... එසේය, මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක් මෙන්ම ඒක කරන්නෙමි.
යෙසායා 46:10-11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය