මුහුන් නොදැමූ රොටි මංගල්‍යය යනු ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය හා දුක දෙස ආපසු හැරී බලා අපගේ පාපයන්ට පසුතැවිලිවි වී බාල ඇදහිල්ල පසෙකින් තැබීමට ඇති මංගල්‍යයකි. අපෝස්තුලු පාවුල් මෙන් අපගේ ඇදහිල්ල පරිණතව වර්ධනය විය යුතුය, එමගින් ඇදහිල්ලේ ජීවිතයේදී මුහුණදෙන බොහෝ දුෂ්කරතාවයන් වෙනුවෙන් සැබවින්ම කෙතරම් කෘතඥ විය යුතුදැයි අපට ඉගෙනගත හැක.
දෙවියන්වහන්සේ ලෙස ලැබිය යුතු ගෞරවයේ හා මහිමයේ ජීවිතයක් යේසුස්වහන්සේ ගත නොකළේය. අන් අයගේ අවමන් හා වෛරය සමඟින් තම දරුවන් වෙනුවෙන් උන්වහන්සේ කුරුසයේ දුක්විඳීම විඳ දරාගත්තේය. එලෙස දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද ජීවිතය ගතකරන්නේ තම සතුට වෙනුවෙන් නොව අන් අය උදෙසාය. ඔවුන් දෙවියන්වහන්සේ ප්‍රසන්න වන සම්පූර්ණ ආත්මයන් ලෙස යළි ඉපදීමට වෙර දරයි.
එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන: මොහු දෙවියන්වහන්සේට අපහාස කළේය සාක්ෂිකාරයන්ගෙන් අපට තවත් කම මොකද? මොහුගේ දේව අපහාසය දැන් නුඹලාට ඇසුනේය. නුඹලා කුමක් සිතවුදැයි කීවේය. ඔව්හු උත්තරදෙමින්: මොහු මරණට සුදුස්සෙකැයි කීවෝය. එවිට ඔව්හු උන්වහන්සේගේ මුහුණට කෙළගසා, උන්වහන්සේට ගුටි ඇන්නෝය. සමහරෙක් අතුල් පහර ගසා: ක්‍රිස්තුනි, නුඹට ගැසුවේ කවුදැයි දිවැසින් අපට කියාපන්නැයි කීවෝය.
මතෙව් 26:65-68
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය