දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු වන ජීවිතයක් ගත කරන විට, අපට සැමවිටම බහුල ආශීර්වාද ලැබෙනු ඇත. මේ හේතුව නිසා, දෙවියන්වහන්සේ පියාණන්ගේ යුගයේ සිට ස්ථාපිත කළ සබත සහ පාස්කුව වැනි මංගල්‍යයන් තුළ, ‘අමතක නොකර ඒවා සදහටම සිහිකර පවත්වන්න’ යන ආඥාව සැමවිටම තිබෙනවා.
සෑම යුගයකම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපදින අය ධර්මිෂ්ඨයන් ලෙස ආශීර්වාද ලබන බවත්, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කරන අය කැරැලිකරුවන් ලෙස සලකා ශාප ලබන බවත් බයිබලය පවසයි. ඉශ්රායෙල්වරුන්ව බබිලෝනියට වහල්භාවයට ගෙන ගියේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපැදීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙසය.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ප්‍රොපේතවරුන් වන තමන් මෙහෙකරුවන් ලවා අප ඉදිරියෙහි තැබූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවල ප්‍රකාරයට හැසිරෙන ලෙස අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව. එසේය, සියලු ඉශ්රායෙල්වරු ඔබගේ ව්‍යවස්ථාව කඩකොට ඔබගේ හඬට කීකරු නොවන ලෙස අහක්ව ගියෝය. මෙසේ අප උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින්, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ශාපයද දිවුරුමද අප කෙරෙහි වගුරුවා තිබේ. දානියෙල් 9:10–11
මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ විනිශ්චයන් පවත්වා, සැබෑලෙස හැසිරේ නම්, ඔහු ධර්මිෂ්ඨය, ඔහු සැබවින් ජීවත්වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එසකියෙල් 18:9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය