මහා ඇලෙක්සැන්ඩර්, ලෝකයේ හතරෙන් එකක් ජයගත්, ඉහළ ගෞරවයට පාත්ර වූ කීර්තිමත් සෙන්පතියෙකි.
මිනිසෙක් ලෝකයේ සියල්ල හිමි කරගත්තත් සදාකාලික ලෝකය ගැන නොදන්නේ නම් ඔහුගේ දිවිය අර්ථ විරහිතය.
ඔහුට භෞතිකවාදී වටිනාකම් එනම් බලය, ධනය සහ ගෞරවය තිබුණත් සදාකාලික ලෝකය වෙනුවෙන් සූදානම් වීමට නොහැකිව අවසානයේදී මිය ගියා!
මේ ලෝකයේ ධනය, බලය, ගෞරවය දිගු කල් නොපැවතී මරණය හමුවේ සියල්ල නිෂ්ඵල වේ.
එමනිසා සදාකාල ප්රීතිය ඇති ආත්මික ලෝකය වෙනුවෙන් සූදානම් වන්න කියා දෙවියන්වහන්සේ අපට පැවසුවේය.
මක්නිසාද අපේ ස්වභාවය මාංසය නොව ආත්මයයි. (යොහන් 6:63)
සදාකාලික ලෝකය ගැන නොදන්නාවූ ජීවිතය අර්ථ විරහිත ජීවිතයකි.
මේ පොළොවෙහි අපේ කෙටි ජීවිතය සදාකාලික ලෝකය සඳහා සූදානම්වීමේ කාලයකි.
සදාකාලික ආත්මික ලෝකයට යාමට අප කුමක් කළයුතුද?
සදාකාලික ආත්මික ලෝකයේ මරණය හෝ වේදනාව නොමැත. (එළිදරව් 21:4)
ඇතුල්විය හැක්කේ දිරා යන ශරීරයකට නොව සදාකාල ජීවනය ඇති තැනැත්තාට පමණි. (1 කොරින්ති 15:50)
එසේනම්, අප සදාකාල ජීවනය ලබන්නේ කෙසේද?
යේසුස්වහන්සේගේ මාංසය කා උන්වහන්සේගේ රුධිරට බොන විට අපට සදාකාල ජීවනය ලබාගත හැකිය. (යොහන් 6:54)
පාස්කුවේ රොටි සහ මිදි යුෂ තම මාංසය හා රුධිරය කියා යේසුස්වහන්සේ පොරොන්දු විය. (මතෙව් 26:26)
එබැවින් පාස්කුව තුළින් සදාකාල ජීවනය ලබන්නන් හට නිදහසේ විශ්වයේ ගමන් කළ හැකි ආත්මික ලෝකයට ඇතුල්විය හැක. ලෞකික ලෝකයට පමණක් නැඹුරුවී අපගේ ජීවිතය නාස්ති කර නොගෙන සදාකාලික ආත්මික ලෝකය දෙස බලා සදාකාල ජීවනයේ (පාස්කුවේ) ශුද්ධ පොරොන්දුවේ පංගුකරුවන් වෙමු.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය