ඇතැම් මනුෂ්‍යයන් බයිබලය ඇතැම් මනුෂ්‍යයන් බයිබලය සලකන්නේ හුදෙක් ඉශ්රායෙල් ඉතිහාසය හෝ මිත්‍යා කථා පොතක් ලෙසයි. කෙසේ වෙතත් බයිබලය අවුරුදු 1,600ක් පුරාවට විවිධ කාලවල විවිධ වෘත්තීන් වල දුසිම් ගණන් මනුෂ්‍යයන්ගෙන් ලියැවුණු ලොව පැරණිතම පොත ය. වඩාත් පුදුම සහගත දෙය නම් අවුරුදු 1,600ක් පුරාවට ලියැවුණු සියල්ල අනාවැකිය සහ සම්පූර්ණත්වය ලෙස සම්බන්ධ වීමයි.
බයිබලයේ සටහන් අතරින් කෝරෙෂ් රජුගේ ගැන අනාවැකිය සහ එහි සම්පූර්ණත්වය අධ්‍යයනය කරමු. කෝරෙෂ් රජු පර්සියානු අධිරාජ්‍යයේ නිර්මාතෘ ද පෙරදිග පාලනය කළාවූ රජු ද වනවා. බයිබලයේ සටහන් වී ඇති ඔහුගේ මහත් ජයග්‍රහණය දෙස බලමු.
ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ, තවද උන්වහන්සේ යුදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ ... එස් 1:2-3
පර්සියාවේ රජ වූ කෝරෙෂ් ඉශ්‍රායලයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කර ඉශ්රායෙල්වරුන්ව නිදහස් කළේ ඇයි? ඉශ්රායෙල්වරුන්ව නිදහස් කිරීමට අවුරුදු 170කට පමණ පෙර ලියැවුණු යෙසායා පොතේ සිය නාමය සටහන් වී ඇති බව කෝරෙෂ් රජු දුටුවා.
තමන්ගේ අභිෂේකලත් තැනැත්තාවූ කෝරෙෂ් ඉදිරියෙහි ජාතීන් යටත්කිරීමටත් ... නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි. යෙසා 45:1-3
දෙවියන්වහන්සේ බබිලෝනිය යටත් කරගැනීමට තමන්ට උපකාර කළ බව කෝරෙෂ් රජු වටහා ගත් අතර, බයිබලයේ අනාවැකිවී ඇති ලෙස ඔහු ඉශ්රායෙල්වරුන්ව නිදහස් කළේය. ප්‍රතිඵලයක් ලෙස වහලුන් නිදහස් කර ආගමික නිදහස ඇඳිනගත් පුරාණ අධිපතියෙකු ලෙස කෝරෙෂ් රජු තවමත් මනුෂ්‍යයන්ගෙන් පැසසුම් ලබයි. යේසුස්වහන්සේ පොළොවට පැමිණෙන්නට වසර 700කට පමණ පෙර දරුවකු ලෙස උපත ලබන බවටද බයිබලය පුරෝකථනය කර ඇත.
... ‘කන්‍යාව ගර්භණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය’ යෙසා 7:14
මෙම අනාවැකියට අනුව, දෙවියන්වහන්සේ විසින් කන්‍යාවියක් වූ මරියාගේ ශරීරයෙන් යේසුස් ලෙස උපත ලැබුවේය (මතෙ 1:18-23). තවද, යේසුස්වහන්සේ දුක් විඳින ආකාරයත් බයිබලය විස්තරාත්මකව පුරෝකථනය කර ඇත.
... උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක ... නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.’ යෙසා 53:3-5
මෙම අනාවැකියට අනුව, යේසුස්වහන්සේ හෙල්ලෙන් සිදුරු ද කස පහරද ලැබුවේය (මතෙ 27:26-35; යොහ 19:34). බයිබලයේ අනාවැකි ලියා ඇති විට මනුෂ්‍යයන් තේරුම් නොගත්තද ඒ සියල්ල සම්පූර්ණ වී ඇත. එබැවින් අනාගත වාක්‍ය කීම් සුළුකොට නොසිතන්නැයි බයිබලය අපට අනතුරු අඟවමින් සිටියි (1 තෙස 5:20) බයිබලයේ අනාවැකි සුළුකොට සිතුවහොත් ගැළවීම ලැබිය නොහැක. ලියා ඇති ආකාරයටම බොහෝ අනාවැකි ඉටු වී ඇති ලෙසම ඉතිරිව තිබෙන අනාවැකි ද අසමත් වීමකින් තොරව සැබෑ වන්නේය.
මහත් භූමි කම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය, භයංකර පෙනීම්ද අහසින් මහත් ළකුණුද වන්නේය. ලූක් 21:11
අවසන් මහත් විපත හා විනාශය පැමිණෙන්ට පෙර ගැළවෙන පිණිස අප සියොන් වෙත දිව යා යුතු බව බයිබලය අපට පවසමින් සිටියි.
... රැස්වෙයන්න ... කොඩියක් සියොන් දෙසට නගන්න. ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි. යෙරෙ 4:5-6
දෙවියන්වහන්සේගේ මංගල්‍යයන් සැමරෙන සියොන් යනු දෙවියන්වහන්සේ අපට පොරොන්දු වූ ආරක්ෂිත හා ගැළවීමේ ස්ථානයකි (යෙසා 33:20) බයිබලයේ ඉගැන්වීම් වලට අනුව දෙවියන්වහන්සේගේ මංගල්‍යයන් සමරන ලෝකයේ එකම සභාව වන්නේ දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සංගමයයි, එනම් සියොන්ය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය