මුල් සභාවේ ශුද්ධවන්තයන් ඔසවා ගනු ලැබූ දවසේ සිට පෙන්තකොස්ත දවස දක්වා දින දහයක් පුරාවට අවංකව යාච්ඤා කළෝය. පෙන්තකොස්ත දවසේදී එඩිතර ඇදහිල්ලක් හා ශුභාරංචිය වේගවත්ව පැතිරවිය හැකි ශුද්ධාත්මය ඔවුන් ලැබූහ. ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී දෙවියන්වහන්සේ අපට, වසර 2,000කට ඉහතදී ලබාදුන්නාට වඩා සත්ගුණයක් බලවත්ව පෙන්තකොස්ත ශුද්ධාත්ම දීමනා ලබාදෙන්නේය.
ශුද්ධාත්මය ලැබුවායින් පසුව මුල් සභාව ‘යේසුස්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේය’ කියා සාක්ෂි දැරීය. එලෙසම පෙන්තකොස්ත මංගල්‍යය පැවැත්වීමෙන් අවසන් වැසි ශුද්ධාත්මය ලැබූ දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් විසින් අපගේ ගැළවුම්කරුවන් වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ව එඩිතරව දේශනා කරති.
‘තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය. තද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙණුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.’ ක්‍රියා 2:1-4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය