පරණ ගිවිසුමේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය වසර 3,500කට ඉහතදී ඉශ්රායෙල්වරු අත්වින්දාවූ දුෂ්කරතාවයන් සිහිපත් කරයි; පාස්කුව පැවැත්වීමෙන් පසුව ඊට පසු දවසේදී ඔවුන් මිසරයෙන් පිටතට ආ අතර රතු මුහුද තරණය කරන තෙක්ම දුෂ්කරතාවයන් අත්වින්දෝය.
මෙය ක්‍රිස්තුස්වහන්සේ විඳින්නාවූ වේදනාව සහ කැපකිරීම් ගැන පෙන්වාද දෙන සෙවනැල්ලක් ලෙස පෙනී සිටින්නේය; පාස්කුව පැවැත්වීමෙන් පසුව උන්වහන්සේ දුක් වින්දේය තවද ඉන් පසු දවසේදී කුරුසිපත් විය.
‘මරණය දක්වා ඔබ අනුව එන්නෙමු’ යැයි උදාරම් පැවසූ ගෝලයන්ගෙන් ප්‍රතික්ෂේප වී පාවා දීමට ලක්වෙමින්, බොහෝ විරුද්ධවාදීන්ගේ සමච්චලයට හා අවමානයට ලක් වීම, අවසානයේදී කුරුසිපත් වීම, මේවා වසර 2,000කට ඉහතදී ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරු වූ ක්‍රිස්තුස්වහන්සේ අත්වින්දාවූ දුක් විඳීම්ය.
දැන් අප උන්වහන්සේගේ ප්‍රේමය තේරුම්ගෙන අපගේ කුරුසය දරගන්නාවූ ඇදහිල්ල ඇති කරගත යුතු වේලාවයි.
එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම්
ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා.මක්නිසාද, යමෙක් තමාගේ ජීවිතය ගළවාගන්ට කැමතිවේද, ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය.
මතෙව් 16:24-25
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය