ඔලීව කන්දේ සිට යේසුස්වහන්සේගේ එසවීම දුටුවාවූ ගෝලයන් ශුද්ධාත්මයාණන් නොමැතිව ශුභාරංචිය ලොව මුළුල්ලේ දේශනා නොවන බව තේරුම්ගත්තෝය.
මෙසේ, ඔව්හු මුල් වැසි ආත්මයාණන් අයදමින් ඔසවාගනු ලැබූ දවසේ සිට පෙන්තකොස්ත දවස දක්වා දින දහයක් පුරාවට අවංකව යාච්ඤා කළෝය.
කර්මෙල් කන්දේදී එලියා බොරු අනාගතවක්තෘන් 850 පරාජය කළ විට ජයග්රහණයට යාච්ඤාව ප්රමුඛ විය.
මානව වර්ගයාගේ ගැළවීම උදෙසා මේ පොළොවට පැමිණි යේසුස්වහන්සේ, ක්රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ විසින් සෑම දිනකම අලුයම යාච්ඤාව සමඟින් සිය ශුභාරංචි කාර්යයන් ආරම්භ කරමින් ආදර්ශයන් පෙන්වා දුන්නෝය.
එබැවින්, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද යාච්ඤාව හරහා ආත්මික ශක්තිය ඇතිකරගනිමින් තම දිනය අරඹන්නෝය.
ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
මතෙව් 7:7–8
එබැවින් නුඹලාට කියමි නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට
ලැබුණේයයි අදහාපල්ලා, ඒවා නුඹලාට ලැබෙන්නේය.
මාර්ක් 11:24
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය