දෙවියන්වහන්සේගේ ආඥාවන් නොපවත්වා දෙවියන්වහන්සේගේ රහස වූ ක්‍රිස්තුස්වහන්සේව දැනගත නොහැකිය. ඒ මාංසවත් පැමිණෙන දෙවියන්වහන්සේව ඇඳිනගැනීමට හැකිවන පිණිස සබත හා අලුත් ගිවිසුමේ පාස්කුව වැනි දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන අයට පමණක් උන්වහන්සේ තේරුම්ගැනීම දෙන නිසාය.
මිනිසා විසින් සෑදූ නීතීන් පවත්වන අය සබත හා පාස්කුව නොවැදගත් කොට සිතුවද දෙවියන්වහන්සේගෙන් තේරුම්ගැනීම ලැබූ අය දෙවියන්වහන්සේ සෑම එක් එක් ආඥාවකම අඩංගු වී ඇති අරුත තේරුම්ගෙන යෙසායා අනාවැකි කළ ආකාරයට ‘මේ අපේ දෙවියන්වහන්සේය’ කියා මොරගසන්නෝය. වසර 1,600ක් පුරාවට නොපැවැත්වුණු පාස්කුව ප්‍රතිස්ථාපිත කිරීමෙන් මරණය විනාශ කළාවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ මානව වර්ගයා බොහෝ කලක් බලා සිටි දෙවියන්වහන්සේලාය.
ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය.
ගීතාවලිය 111:10
සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රික පානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රික පානයෙන්ද මංගල්‍යයක් සාදනසේක ... උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ... ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක.
යෙසායා 25:6-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය