ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ විසින් මේ පොළොවට මාංසවත්ව පැමිණ ස්වර්ගයේ දී කළ පාපයන් නිසා වේදනාවෙන් ජීවත් වන දරුවන්ගේ ගැළවීම උදෙසා දුක් විඳීමේ මාර්ගයේ ගමන් කළෝය. අප අපගේ ආත්මික දෙමව්පියන්ගේ ප්‍රේමය සහ කැපකිරීම තේරුම්ගෙන උන්වහන්සේලා ගැන ආඩම්බරයෙන් කියන විටදී දෙවියන්වහන්සේ විසින් අපව දේවදූතයන් ඉදිරියේදී ‘මාගේ දරුවනි’ කියා පිළිගෙන අපට ආශීර්වාද පිරිනමන්නේය.
දෙවියන්වහන්සේගේ සෙනග පියාණන්ගේ යුගයේදී යෙහොවඃ දෙවියන්වහන්සේ ගැන ද පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස්වහන්සේ ගැන ද ආඩම්බරයෙන් කියා සිටියෝය.
ඒ හා සමානව, ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන්වහන්සේ සහ මණමාලිය ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ ගැන අප ආඩම්බරයෙන් කියා සිටිය යුතුයි.
අපගේ හදවත් සොරා ගන්නාවූ, දෙවියන්වහන්සේගෙන් අපගේ සිත් හරවා ගන්නාවූ, අපගේ ආත්ම විනාශ කරන්නාවූ ආත්මික සොරුන්ගෙන් වැළකී සිටිය යුතුය.
තවද යමෙක් මනුෂ්‍යයන් ඉදිරියේදී මා පිළිගන්නේද, මනුෂ්‍ය පුත්‍රයාත් දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී ඔහු පිළිගන්නේය. නුමුත් මනුෂ්‍යයන් ඉදිරියේදී මා එපාකළ තැනැත්තේ දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී එපාකරනු ලබන්නේයයි නුඹලාට කියමි.
ලූක් 12:8-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය