දේශගුණය ඉතා සුළුවෙන් වෙනස් වන නිවර්තන කලාපවල ගස්වල බොහෝ විට පැහැදිලි වර්ධන වළලු ඇති නොවන අතර, කාලගුණික විපර්යාස, පළිබෝධ, නියඟ සහ ගංවතුරෙන් පීඩා විඳි ගස්වල පැහැදිලි වර්ධන වළලු ඇත. එලෙසම, සෑම පුද්ගලයෙකුම ස්වර්ග රාජ්‍යය උදෙසා කෙබඳු ජීවිතයක් ගත කළේද යන්න පෙන්වන වර්ධන වළලු ඔවුන්ටද ඇත. එබැවින්, එක් ආත්මයක් ගළවාගැනීම සඳහා ඕනෑකමින් යුත් සිතකින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ක්‍රියාවට නැංවීම වැදගත් වේ.
සෑම දිනකම, එක් එක් පුද්ගලයා නිවසේදී හෝ සභාවේදී ස්වර්ගීය වර්ධන වළලු සාදා ගනියි. ශුභාරංචිය දේශනා කිරීමට, දේවමෙහෙයට සහභාගී වීමට සහ යාච්ඤා කිරීමට කාලය ගත කරන විට අපගේ මානසිකත්වය, අපගේ ස්වර්ගීය වර්ධන වළලු තීරණය කරයි. ඒ අනුව එක් එක් පුද්ගලයාට ආශීර්වාද සහ විපාක පිරිනැමෙන්නේය.
මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ. එළිදරව් 22:12
ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය. තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව. ගලාති 6:8–9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය