ස්වර්ගයේ මහිමාන්විත තත්වයක සිට දෙවියන්වහන්සේට ඉහළින් තමන්ව උසස් කරගැනීමට උවමනාවෙන් තමන්ගේ උඩුඟුකම නිසා දෙවියන්වහන්සේට ද්‍රොහී වූ ලුසිෆර් දේවදූතයා සහ තීර්හි රජු මෙන්, සියලු මනුෂ්‍ය වර්ගයාද ස්වර්ගයේදී පව්කර මේ පොළොවට බැස ආවෝය, තවද නිරයේ දඬුවමද කලින් නියම වූණි. කෙසේවෙතත්, දෑම දේවමෙහෙයකදීම දෙවියන්වහන්සේ විසින්ම පාප පූජාවක් වී අපට පව්කමාව ලබාදුන්නේය.
මෝසෙස්ගේ කාලයේ සිට යේසුස්වහන්සේගේ කාලය දක්වා අවුරුදු 1,500ක් පුරාවට සබත් දවසේදී හා මංගල්‍යයන් වලදී පිරිමි හා ගැහැණු සතුන්ගේ කැපකිරීමේ ලේ තුළින් දෙවියන්වහන්සේ අපට පව්කමාව දුන්නෝය. පරණ ගිවිසුම තුළින් දෙවියන්වහන්සේ අපට අලුත් ගිවිසුමේ සත්‍යතාවය වූ මව් දෙවියන්වහන්සේගේ කැපකිරීම හා ප්‍රේමයද මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති තම ප්‍රේමය සාක්ෂි දැරීමට කුරුසය මත ලේ වැගිරූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේගේ කැපකිරීමත් පෙන්වා දෙන්නේය.
පවිත්‍ර මනුෂ්‍යයෙක් ගොන් නැම්ඹියගේ අලු එකතුකර කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තබාවා. එය අපවිත්‍රකම පහකිරීමේ වතුරක් පිණිස ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සභාව උදෙසා තබාගනු ලබන්නේය. එය පාප පූජාවක්ය.
ගණන් කථාව 19:9
එක්කෙනෙක් වැරදිල්ලකින් පව්කරන්නේනම් ඔහු පාප පූජාවක් පිණිස එක් අවුරුදු එළුදෙනෙකු
පූජාකරාවා.
ගණන් කථාව 15:27
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම් පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණයදුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.
යෙසායා 50:1
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය