මනුෂ්‍ය වර්ගයාගේ ගැළවුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේ විසින් පාස්කුව හරහා අපට පව්කමාවේ ආශීර්වාදයන් හා සදාකාල ස්වර්ග රාජ්‍යයයේ ආශීර්වාද පිරිනැමූ අතර පාස්කුව පැවැත්වූ අය ස්වර්ගයේ නාගරිකත්ය ලබන සහ ගැළවීම අත්කරගන්නාවූ දෙවියන්වහන්සේගේ සෙනග බව පිළිගත්තේය.
වසර 2,000කට ඉහතදී පැමිණි යේසුස්වහන්සේ වගේම මේ යුගයේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේද අපට නොකඩවා උගන්වන්නේ පාස්කුව නොපවත්වා අපගේ තොල්වලින් පමණක් දෙවියන්වහන්සේට යාච්ඤා කිරීම අපැහැදිලි ඇදහිල්ලකට සමාන බවයි.
නියම කලට පාස්කුව පැවැත්වීමට නොහැකි වූ අය සඳහා දෙවියන්වහන්සේ දෙවන පාස්කුව පිරිනැමුවේ පාස්කුව දෙවියන්වහන්සේගේ සැබෑ සෙනගව වෙන්කෙරෙන ඉතා වැදගත් මංගල්‍යයක් නිසයි.
ඔවුන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ සීනයි
කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
නුඹ ඉශ්රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න — නුඹලාගෙන්වත් නුඹලාගේ පරම්පරාවලින්වත්
කිසිවෙකු මළකඳකින් අපවිත්‍රව සිටින නුමුත් දුර ගමනක යෙදී සිටින නුමුත් ඔහු
ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වාවා ... නුමුත් පවිත්‍රවූ, ගමනක යෙදී නොසිටින මනුෂ්‍යයෙක් පාස්කුව නොපවත්වා සිටින්නේනම්, ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය ...
ගණන් කථාව 9:2–13
එබැවින් ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය.ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය.
මතෙව් 7:20–21
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය