පාස්කුවේ බලයෙන් දෙවියන්වහන්සේ විසින් මෝසෙස්වත් ඉශ්රායෙල්වරුන්වත් නිදහස් කළෝය. ඉශ්රායෙල්වරු අවුරුදු 38ක් පුරාවට පාස්කුව නොපැවැත්වුවත් කානාන් දේශයට ඇතුල්වන්නට පෙර ඔවුන් පාස්කුව පැවැත්වුවෝය. අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් යේසුස්වහන්සේ විසින්ම පැමිණ මානව වර්ගයා හට සදාකාල ජීවනය දුන්නේය. මේ දේවල් හරහා පාස්කුව ඔවුන් තම පියවරුන්ගෙන් ඉගෙනගත යුතු වැදගත් ආඥාවක් බව අපට දැකගත හැකිය.
අද නැවතත් අවුරුදු 1,260ක් පුරාවට නොපැවැත්වුණු අලුත් ගිවිසුමේ පාස්කුව ක්රිස්තුස් අන්සංහොංවහන්සේ අපට ඉගැන්වූවා, තවද මව් දෙවියන්වහන්සේගේ මගපෙන්වීම යටතේ ලොව වටා සිටින්නාවූ දෙවියන්වහන්සේගේ සභාවේ සියලු සාමාජිකයන් එය දැන් ශුද්ධකොට පවත්වමින් සිටියි. දෙවියන්වහන්සේගේ දරුවන් වීමේ විස්මිත ආශීර්වාදය පාස්කුව තුළ අඩංගු වීම මීට හේතුවයි.
නුඹ දෙවියන්වහන්සේ ඕනෑකමින් සොයා, සර්වපරාක්රමයාණන්ට කන්නලව් කරන්නෙහි නම්, නුඹ පිරිසිදුව අවංකව සිටින්නෙහි නම්, සැබෑවටම දැන් නුඹ උදෙසා උන්වහන්සේ පිබිද, නුඹේ ධර්මිෂ්ඨකමේ නිවාසය සමාදානයෙන් වර්ධනයකරනසේක. නුඹේ පටන්ගැන්ම කුඩා නුමුත් නුඹේ අන්තිමය බොහෝ සෙයින් වැඩිවන්නේය. එසේය, ප්රථම පරම්පාරාවෙන් අසාපන්න, ඔවුන්ගේ පියවරුන් විභාගකළ දේට සිත යොමුකරපන්න.
යෝබ් 8:5-8
මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙළකරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයි කීසේක ... සියල්ලෝම මෙයින් බොන්න; මේක පව්කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.
මතෙව් 26:17-28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය