යහපත හා නපුර දැන ගැනීමේ ගසෙන් කෑමේ පාපය නිසා ආදම් සහ ඒව එහි මහිමය අහිමි කර ගත්තාක් මෙන්, මනුෂ්‍ය වර්ගයා ස්වර්ගයේ කළ පාප නිසා සියලු මහිමය අහිමි කරගෙන මේ පොළොවට හෙළුණි. මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ පාප නිසා දෙවියන්වහන්සේගෙන් වෙන් වූ නමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට සබත් දවස සහ පාස්කුව ඇතුළු වාර තුනේ මංගල්‍යයන් හරහා තමන්ව නමස්කාර කිරීමට ඉඩ දී ඇත්තේ ඔවුන්ගේ පාපයන්ට කමාව දීමේ ක්‍රමයක් ලෙසයි.
දෙවියන්වහන්සේ සතුටු කළ ආබෙල්ගේ පූජාව, ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ තම රුධිරය වැගිරීමෙන් මනුෂ්‍ය වර්ගයාගේ පාපවලට සමාව දෙන බව පුරෝකථනය කළ බව අපට බයිබලයෙන් තහවුරු කළ හැකිය. රුධිර පූජාව තුළින්, එනම් නමස්කාරය තුළින්, මනුෂ්‍ය වර්ගයාට දෙවියන්වහන්සේට සමීප විය හැකි අතර ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරුවන් වන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ දරු දැරියන් ලෙස දෙවියන්වහන්සේගේ පවුලේ කොටසක් බවට පත්විය හැකිය.
නුමුත් වරක් දුර සිටියාවූ නුඹලා දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ළංකරනු ලැබුවහුය. ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමඟ එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය. එපීස 2:13, 19
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය