ගොඩනැගිල්ලක් ඝෘජුව ගොඩ නැගී ඇද්දැයි බැලීමට ලඹය අදින්නාක් මෙන් තම දරුවන් ඇදහිල්ලේ නිවස ඝෘජුව ගොඩනගන්නේදැයි බැලීම සඳහා උන්වහන්සේ යෝබ්, ශද්රාක්, මේෂාක් හා අබේද්නෙගෝට දුන්නාක් මෙන් දරුවන්ට පරීක්ෂාවන් ලබාදෙන්නේය. කෙසේවෙතත් උන්වහන්සේගේ ආශීර්වාද අවසානයේදී පසුපසින් පැමිණේ.
අද ඇදහිල්ලේ නිවස ගොඩනගමින් සිටින සාමාජිකයන්ට ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් උගන්වමින් සිටින්නේ මුළු ලොව පරීක්ෂා කරන විටදී දෙවියන්වහන්සේ විසින් සෑම අයෙකුගේම වචන, ක්රියාවන් හා සිත සෝදිසි කර මැසිවිලි නගා කෙඳිරූ අයගේ නොඇදහිල්ලට විනාශය ගෙන එන බවයි. ඕනෑම තත්වයක් තුළදී සෑමවිටම ස්වර්ගය හා දෙවියන්වහන්සේ ගැන පමණක් සිතන්නැයි කියාද උන්වහන්සේලා උගන්වා ඇත.
උන්වහන්සේ මෙසේ මට පෙන්නූසේක: බලව, ස්වාමීන්වහන්සේ ලඹයට හරිලෙස
සෑදූ පවුරක් උඩ තමන් අතේ ලඹයක් ඇතුව සිටිසේක ... එකල ස්වාමීන්වහන්සේ කථාකොට: බලව, මම නැවත තවත් මාගේ සෙනඟවූ ඉශ්රායෙල්ට අච්චු නොකර නොසිට, ඔවුන් මැද ලඹයක් අල්ලන්නෙමි.
ආමෝස් 7:7-8
ඇගේ දරුවෝද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන
තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්රියා හැටියට දෙන්නෙමි.
එළිදරව් 2:23
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය