දෙවියන් වහන්සේගේ පොරොන්දු කඩ කර ශුද්ධකමෙන් හා භක්තිවන්තකමෙන් ඉවත් වුවහොත්, අප විනිශ්චයට යටත් වන්නෙමු. නෝවාගේ, සොදොම් සහ ගොමෝරාහි කාල වලදීත් මේ අවසාන යුගයේදීත් මනුෂ්‍යයන් දෙවියන්වහන්සේව අත්හැර කැරලිකාර, දුෂ්ට සහ කාමමිථ්‍යාචාරී බවට පත්වූ ලෝකය කෙරෙහි දෙවියන් වහන්සේගේ විනිශ්චය පිටුපස පොදු සම්බන්ධයක් ඇත.
අද නෝවා මෙන්, අපත් තවමත් නොදුටු දේවල් ගැන ස්ථිර විශ්වාසයක් ඇතිකරගත යුතුයි. දෙවියන් වහන්සේ දුෂ්ට ලෝකය ගින්නෙන් විනිශ්චය කරන බයිබලයේ අනාවැකිය විශ්වාස කරමින්, දෙවියන්වහන්සේගේ සභාව දෙවියන්වහන්සේ ලෝකය විපත් වලින් ගළවා ගැනීමේ පොරොන්දුව අඩංගු වී ඇති අලුත් ගිවිසුමේ පාස්කුව දේශනා කරයි.
ඒ කරණකොටගෙන එකලට තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශවූ බවත් ඔව්හු කැමැත්තෙන්ම මතකනැතිකරති. නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ. 2 පේතෘස් 3:6–7
... ඒක ස්වාමීන්වහන්සේගේ පාස්කුවය. ... ඒ ලේ නුඹලා සිටින ගෙවල්වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසුකර යන්නෙමි, මා විසින් මිසර දේශයට පහරදෙන කල නුඹලා විනාශකිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය. නික්මයාම 12:11–13
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය