සිය රාජ්‍යයන් වඩ වඩා බලවත් වන විට රෙහොබොවම්, සාවුල්, උස්සියා, ආහාස් හා සෙදෙකියා වැනි රජවරු තමන්වම උසස් කරගනිමින් උඩඟු විය.
අවසානයේදී ඔව්හු දෙවියන්වහන්සේට විරුද්ධව
පව්කර විනාශ විය.
අනෙක් අතට යෝතාම්, දාවිත්, දානියෙල් හා ඔහුගේ මිතුරන් තිදෙනා සෑමවිටම දෙවියන්වහන්සේට විශ්වාසවන්ත වී දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලැබුවෝය.
මෙය අද දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් යා යුතු ඇදහිල්ලේ දිශාව පෙන්වා දෙන වැදගත් ඉගැන්වීමකි.
ඔවුන් අවස්ථාව හා කොන්දේසි මත සෙලවෙන ඇදහිල්ලකින් නොව සෑම විටම දෙවියන්වහන්සේට විශ්වාසවන්ත විය යුතුය.
තවද ඔවුන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ උපකාරය විශ්වාස කර දෙවියන්වහන්සේගේ වචනයට අනුව ශුභාරංචියද ඉටු කළ යුතුය.
එවිට දෙවියන්වහන්සේ විසින් දාවිත්ගේ රාජ්‍ය මෙන් සියොන්ද ලොව මුළුල්ලේ බලවත්,
සඵලවත් හා කැපී පෙනෙන සියොන් කරනු ඇත.
ස්වාමීන්වහන්සේගේ වචනය රක්ෂානොකිරීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්දව කළ වරද නිසාත් ස්වාමීන්වහන්සේගෙන් නොවිචාරා ආත්ම බන්ධනකාරියෙකුගේ කරුණු අසා විචාළ නිසාත්
සාවුල් මෙසේ නැසුණේය. ඒනිසා උන්වහන්සේ ඔහු නසා රජකම අහක්කොට යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ට දුන්සේක.
1 ලේකම් 10:13-14
මෙසේ යෝතාම් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හරි මාර්ගවල
හැසිරුණ බැවින් බලවත් විය.
2 ලේකම් 27:6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය