දෙවියන්වහන්සේ රතු මුහුද දෙබෑ කර, පර්වතයකින් ජල උල්පත් ගලා එමට එඬේරෙකුගේ සැරයටියක් භාවිතා කළාක් මෙන්, දෙවියන්වහන්සේගේ අතේ ඇති ඕනෑම දෙයක් ඕනෑම විටෙක මහත් බලයක් ඇති කරයි.
අද, සමරියෙහිද පොළොවේ සීමා දක්වාද ශුභාරංචිය දේශනා කිරීමේ මෙහෙවර ලැබී ඇති දෙවියන්වහන්සේගේ සභාව, ලෝක ව්‍යාප්ත ශුභාරංචිය ඉටු කරන්නේ හුදෙක් තනි උත්සාහයෙන් නොව, දෙවියන්වහන්සේගේ බලයෙන්ය.
කොටළුවෙකුගේ හකු ඇටයකින් පිලිස්තිවරුන් දහසක් පරාජය කළ සම්සොන් මෙන්, යෝධ ගොලියත්ට එරෙහිව සටන් කළ කුඩා දරුවා වන දාවිත් මෙන් සහ මසුන් අල්ලන්නන් වූ පේතෘස්, යොහන් සහ යාකොබ් මෙන්, මේ යුගයේ, ක්‍රිස්තු අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේව විශ්වාස කර ස්වර්ග පිළිබඳ බලාපොරොත්තුව ඇති අය විශිෂ්ට ඉතිහාසයක් නිර්මාණය කරමින් සිටිති.
මක්නිසාද සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීම, එනම් මාංසය ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත් බලවන්ත බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලන්න. නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක; එසේ කළේ කොයි මනුෂ්‍යයෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාරට්ටුකර නොගන්නා පිණිසය. 1 කොරින්ති 1:26–29
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය