පරණ ගිවිසුමේ නාඹුල් ඵල මංගල්‍යය අලුත් ගිවිසුමේදී මළවුන්ගෙන් නැගිටීමේ දවසයි. එය ඉරිදා දවසේදී ඉටු වන අනාවැකියකි.
එය ඉශ්රායෙල්වරු මිසරයෙන් පිටතට පැමිණ රතු මුහුදෙන් එතෙරට ගොඩවූ සතියේ පළමුවෙනිදාය. දෙවියන්වහන්සේ මේ දිනය නාඹුල් ඵල මංගල්‍යය ලෙස නියම කර ඉශ්රායෙල්වරුන්ට සෑම වසරකදීම සබතට පසුවදා (ඉරිදා) එය පැවැත්වීමට සැලැස්සුවේය. යේසුස්වහන්සේ විසින් නාඹුල් ඵල මංගල්‍යයයේ අනාවැකිය ඉටුකරමින් සතියේ පළමුවනදා (ඉරිදා) මළවුන්ගෙන් නැගිට්ටේය.
නාඹුල් ඵල මංගල්‍යයේ අනාවැකියට අනුව නාඹුල් ඵල මිටිය දෙවියන්වහන්සේට පුද කරන විටදී යේසුස්වහන්සේ සැතපී සිටින්නන්ගේ නාඹුල් ඵලය ලෙස නැවත නැගිට සියලු මානව වර්ගයාට නැවත නැගිටීමේ බලාපොරොත්තුව ලබාදුන්නේය. මෙය විශ්වාස කරමින් දෙවියන්වහන්සේගේ සභාව සෑම වසරකම මළවුන්ගෙන් නැගිටීමේ දවස සමරති.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ... නුඹලාගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න. ඒ මිටිය නුඹලා උදෙසා පිළිගනු ලබන පිණිස ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එය තේවකරන්නේය. සබත් දවසට පසුවදා පූජකයා එය තේවකෙරේවා.
ලෙවිකථාව 23:9-11
නුමුත් සතියේ පළමුවෙනිදා ඉතා අළුයම තමුන් විසින් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔව්හු සොහොන් ගෙය ළඟට ගොස්, ගල සොහොන්ගෙයින් අහකට පෙරලා තිබෙනවා දුටුවෝය. ඔව්හු ඇතුල්වූ කල ස්වාමීවූ යේසුස්වහන්සේගේ ශරීරය නුදුටුවෝය ... ජීවත්ව සිටින තැනැත්තා මළවුන් අතරේ නුඹලා සොයන්නේ මක්නිසාද? උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගිටුණුසේක.
ලූක් 24:1-6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය