මුළු මිනිස් සංහතියම ජීවත් වන්නාවූ ගැඹුරු ආශාවෙන් දෙවියන්වහන්සේ පාස්කුවේ උතුම් පොරොන්දුව පිහිටෙව්වේය. කුරුසයේ මරණයට පෙර රාත්රියේදී, ‘ඔබ පාස්කුව පැවැත්විය යුතුයි’ කියා අණ කරමින් උන්වහන්සේ අපට අවසාන කැමැත්තක් දුන්නේය.
දෙවියන්වහන්සේම අපට පැවැත්වීමට අණ කළ පාස්කුව, මිනිස් අධිකාරියට කිසිදා අවලංගු කළ නොහැක. මිසරයේ දිගු කලක් වහල්භාවයේ සිටි ඉශ්රායෙල්වරුන් පාස්කුව තුළින් නිදහස් වුණාක් මෙන්, මරණයේ දම්වැල්වලින් බැඳී සිටින මුළු මනුෂ්‍ය වර්ගයාටම නිදහස ලබා ගැනීමට ඇති එකම මාර්ගය පාස්කුවේ සත්‍යයයි.
තවද පාස්කුව පූජාකළ යුතුවූ මුහුන් නොදැමූ රොටි කන දවස පැමුණුණේය. පැය පැමිණි කල උන්වහන්සේද උන්වහන්සේ සමඟ ප්‍රේරිතයෝද හිඳගත්තෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: වධවිඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශයෙන් ආශාවුණෙමි. ලූක් 22:7–15
ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංස නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම්, නුඹලා තුළම ජීවනය නැත. මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි. යොහන් 6:53–54
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය