මේ පොළොවේ ජීවිතය අවසානය නොවන බව යේසුස්වහන්සේ ධනවතා සහ ලාසරුස්ගේ උපමාවෙන් ඉගැන්නුවේය.
ලාසරුස් පොළොවේ දුප්පත්ව සිටියත්, ස්වර්ගය ගැන බලාපොරොත්තුව ඇති සංචාරකයෙකු ලෙස ජීවත් වී අවසානයේ සතුට සොයා ගත්තේය.
අනෙක් අතට ධනවතා සුඛෝපභෝගී දිවියක් ගතකළ නමුත් ජීවත් වූයේ ඉබාගාතේ යන්නෙක් ලෙසය. ඔහු ස්වර්ග රාජ්‍යය සඳහා සූදානම් වීමට අසමත් වී අවසානයේදී නිරයේ දුක් වින්දේය.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයාට ‘අප මේ පොළොවේ විදේශීන්ද ආගන්තුකයන්ද වන්නෙමු’ කියා පැවසූ ආබ්‍රහම් සහ මෝසෙස් වැනි ඇදහිල්ලේ පියවරුන්ගේ සාක්ෂි ලබාදෙන්නෝය.
බයිබලයේ මෙම සටහන් තුළින් උන්වහන්සේලා ඔවුන් ආපසු යා යුතු සැබෑ නිවහන ස්වර්ග රාජ්‍යය බව මනුෂ්‍ය වර්ගයාට තේරුම්කර දෙන්නෝය.
මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්න වී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය.
හෙබ්‍රෙව් 11:13
නුඹලාගේ සිත් නොකැලඹේවා, දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකරන්න; මා කෙරේත් විශ්වාසකරන්න. මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය ...
මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි ...
මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.
යොහන් 14:1-3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය