දිගු කලක් නැව ගොඩනඟන අතරතුර තනිකමට මුහුණ දුන්නද, නෝවා දෙවියන්වහන්සේගේ ආශීර්වාදය විශ්වාස කළේය. මිසරයේ කුමාරයෙකු ලෙස තේජස භුක්ති විඳීමට වඩා මෝසෙස් දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දුක් විඳීමට කැමති විය. බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත්, මිනිසුන්ට ස්වර්ග රාජ්‍යය පිරිනැමීමට ලැබුණු අවස්ථාව ගැන අපෝස්තුලු පාවුල් ප්‍රීති විය. ඒ හා සමානව, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයින් තම කුරුස දරාගෙන ඇදහිල්ලේ මාවතේ ප්‍රීතියෙන් ගමන් කරති.
ස්වර්ගීය මෑණියන් සැමවිටම අපට මතක් කර දෙන්නේ, ‘අපට ස්වර්ග රාජ්‍යය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා නේද?’ යන්නයි. එබැවින් පෙරමුණේ සේවය කරන ශුද්ධවන්තයන් වේවා, දේවගැති කාර්ය මණ්ඩලය වේවා, සියලුදෙනාම තමන්ගේම කුරුස දරා සිටිද්දී අපගේ ඇස් ඉදිරිපිටම දිග හැරෙන බාධකවලින් ඔබ්බට සූදානම් කර ඇති ස්වර්ග රාජ්‍යයේ ආශීර්වාද දෙස බැලිය යුතුයි.
කලකට පාපයේ සැප භුක්තිවිදීමට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දුක්විදීම තෝරාගත්තේය. හෙබ්‍රෙව් 11:26
මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත. මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය. ... මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි. රෝම 8:13–18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය