“[ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය]” කියා ලියැවී ඇති ආකාරයටත්, යේසුස්වහන්සේ ‘යමෙක් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේම ආශා වලකාගෙන, දවස්පතා තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා’ කියා පැවසූ ආකාරයටත් ස්වර්ග රාජ්‍යයේ මහිමය වෙනුවෙන් ජීවත් වන සියලු දෙනාගේ ජීවිතවලට කෙටි දුක් වේදනා මොහොතක් අත්වීමට නියමිතය.
ඒසව් සහ යූදස් ඉස්කාරියොත් මාංසයට අනුව ජීවත් වෙමින් පාපයේ සැප සම්පත් පසුපස හඹා ගිය අතර අවසානයේ ස්වර්ග රාජ්‍යයේ ආශීර්වාද අහිමි විය. කෙසේ වෙතත්, මෝසෙස්, යාකොබ්, දානියෙල් සහ ඔහුගේ මිතුරන් තිදෙනා ස්වර්ගයේ සැප සම්පත් වඩාත් ඉහළින් අගය කිරීමෙන් දුෂ්කරතා ජය ගත්හ. ඒ හා සමානව, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් දෙවියන්වහන්සේ විසින් පොරොන්දු වූ ස්වර්ගයේ සැප සම්පත් කෙරෙහි තම බලාපොරොත්තුව තබා, උන්වහන්සේ අණ කළ ආකාරයට අලුත් ගිවිසුමේ සබත් දවස සහ පාස්කුවේ ආශීර්වාද දේශනා කිරීමට කැපවෙති.
මෝසෙස් වැඩුණායින් පසු ඵාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහීමෙන් එපාකර, විපාකය දෙස බැලූ බැවින් මිසරයේ වස්තුවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ නින්දාව මහත් සම්පතක්යයි සිතා, කලකට පාපයේ සැප භුක්තිවිදීමට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දුක්විදීම තෝරාගත්තේය. හෙබ්‍රෙව් 11:24–26
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය