ශුභාරංචි කාර්යයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ලේ ශක්තිය මතය. ගිඩියොන් හා යෝෂුවාගේ කාලයේ සටන්වලදී දෙවියන්වහන්සේ අපට පෙන්වූ පරිදි, පරිසරය හා තත්වයන් නිසා ඇදහිල්ල සෙලවෙන අය දෙවියන්වහන්සේගේ සේනාවෙන් බැහැර වන අතර, දෙවියන්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති අය පමණක් ජයග්‍රහණයේ ඉතිහාසය ලිවීමට යොදා ගැනේ.
කිසිවෙකුට සිතාගත නොහැකි ලෙස දෙවියන්වහන්සේ සෑම යුගයක්ම මෙහෙයවූ සේක ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී පවා, ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ දුන් ‘ලෝකය ගළවාගන්න’ යන වචන සම්පූර්ණයෙන්ම විශ්වාස කරන විට, රාජ්‍යයේ ශුභාරංචිය සම්පූර්ණ කිරීම වන ස්වර්ගීය සේනාවේ මෙහෙවරය අප ඉටු කරන්නෙමු.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විදීමට පංගුකාරයෙක් වෙන්න. හේවාකම් කරන්නාවූ කිසිවෙක්, ඔහු හේවායෙකු මෙන් ලියාගත් අය සතුටු කරන පිණිස, මේ ජීවිතයේ කාරණාවලට පටලැවෙන්නේ නැත. 2 තිමෝති 2:3–4
යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක. මතෙව් 28:18–20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය