ඉශ්රායෙල්රුන්ගේ නික්මයාමේදී, මුළු මිසරයටම විපත් එල්ල වූ නමුත්, ඉශ්රායෙල්වරුන්ට කිසිදු විපතක් සිදු නොවීය. දෙවියන්වහන්සේගේ ගිවිසුමක් ඇති ස්ථානයක් සහ එය නොමැති ස්ථානයක් අතර වෙනස මෙයයි. තම ආඥාව - එනම් අලුත් ගිවිසුමේ පාස්කුව - පවත්වන ඕනෑම තැනක සිටින සෙනග ඇතුලට එන විටත් පිටතට යන විටත් ආශීර්වාද ලැබෙන බවටත්, උන්වහන්සේ ඔවුන්ව පොළොවේ සිටින සියලු ජාතීන්ට වඩා උසස් කරන බවටත් දෙවියන්වහන්සේ ශ්‍රේෂ්ඨ පොරොන්දුවක් දී ඇත.
දෙවියන්වහන්සේගේ සබත් දවස සහ පාස්කුව ඇතුළත් අලුත් ගිවිසුම ලෝකය නොපිළිපදින නිසා, මේ පොළොව මත මහා ගිනි විපතක් පැමිණෙන බව අනාගතවක්තෘවරුන් වන යෙසායා, ශෙපනියා සහ පේතෘස් සාක්ෂි දරති. දෙවියන්වහන්සේගේ ගිවිසුම පිළිපැදීමෙන් පමණක් මනුෂ්‍ය වර්ගයාට පියවූ ක්‍රිස්තුස් අන්සංහොං වහන්සේගේ සහ මව් දෙවියන්වහන්සේගේ දරුවන් වී, සියලු විපත්තිවලින් දෙවියන්වහන්සේගේ ආරක්ෂාව ලබා ගත හැකි බව බයිබලය සාක්ෂි දරයි.
තවද මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද නුඹ කරා පැමිණ නුඹ සමඟ වන්නේය. ... නුඹ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය. ද්වීතීය කථාව 28:1–6
නුඹ මේ සියලු කාරණා මේ සෙනඟට දැන්වූ විට, ඔව්හු: ස්වාමීන්වහන්සේ ඒ මුළු මහත් විපත්තිය අපට විරුද්ධව කීවේ මොකක් නිසාද කියාත් අපේ අයුතුකම මොකද කියාත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව අප විසින් කළ අපේ පාපය මොකද කියාත් අසන කල, නුඹ ඔවුන්ට කථාකොට– නුඹලාගේ පියවරුන් මා අත්හැර ... මාගේ ව්‍යවස්ථාවද නොපවත්වා සිටින්ටත් ... යෙරෙමියා 16:10–11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය